Type Here to Get Search Results !

අනුර මුදල්, අගමැති හරිනි.. ඇමතිලා හතරයි.. අමාත්‍යංශ යෝජිත මෙහෙමයි..


 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද දිනයේ තාවකාලික කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිතව ඇත.


එහිදී අමාත්‍යවරුන් 4 දෙනෙකු පත් කර ඔවුන් අතර අමාත්‍ය ධුර 15ක් බෙදා දීමට සූදානම් කර තිබේ.


නිල නොවන වාර්තා පවසන්නේ ජනාධිපතිවරයා විසින් සංචාරක, ආරක්ෂක, මුදල්, අධිකරණ, කර්මාන්ත සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ තබා ගනු ඇති බවයි.


නව අගමැතිවරයා විදේශ කටයුතු, අධ්‍යාපන සහ ජනමාධ්‍ය අමාත්‍ය ධුරද දරනු ඇත.


හරිනි අමරසූරිය මහත්මිය අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත යයි පැවසෙන අතර විජිත හේරත් සහ ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහත්වරුන් අමාත්‍යවරුන් ලෙස පත් කෙරෙනු ඇති.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads