Type Here to Get Search Results !

රටේ වියදමට සල්ලි ඉතිරි කර ගියාට රනිල්ට මාලිමාව ස්තුති කරයි..


 මෙම වසරේ ඉදිරි කාලසීමාවට අවශ්‍ය ප්‍රතිපාදන රජය සතු බව ජාතික ජන බලවේගය ජාතික විධායක සභික චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.


නව මුදල් අමාත්‍යවරයා පත් වූ පසු ඉදිරි කාලය තුළ ලබන වසර සඳහා වන අයවැය ලේඛනය සකස් කිරීමට කටයුතු කරමින් සිටින බවද හෙතෙම කියා සිටියි.


ඉදිරි කාල සීමාවටද අවශ්‍ය ඉන්ධන හා ගෑස් ඇනැවුම් කර ඇති බවත් ඒ සඳහා ගෙවීමට මුදල් ද රජය සතු බවත් හෙතෙම කියා සිටියි.


ආණ්ඩුව කඩාකප්පල් කිරීමේ අරමුණින් හිටපු ජනාධිපතිවරයා කටයුතු කර නැති බවද පැවසූ ඔහු ඒ සඳහා ඔහුට ස්තූතිවන්ත විය යුතු බවද කියා සිටියේය.


හෙතෙම මෙම අදහස් පල කලේ දෙරණ නාලිකාවේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads