Type Here to Get Search Results !

කාදිනල් හිමියන් හා සජිත් අතර අදත් විශේෂ සාකච්ඡාවක්


 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) අති උතුම් කාදිනල් මැල්කම් රංජිත හිමිපාණන් හමු වූවා.


එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සහන සැලසීම උදෙසා විධිමත්ව පත් කරන ලද අධිකරණ ක්‍රියාදාමයක් වෙනුවෙන් තමා උර දෙන බවත් අධිකරණ ක්‍රියාදාමය නැවත ප්‍රත්‍යක්ෂ කිරීමට කටයුතු කරන බවත් ඒ සදහා වන අදාළ නෛතික ක්‍රියාමාර්ග නිසි පරිදි ගන්නා බවත් කාදිනල් හිමිපාණන් හමුවේ පොරොන්දු විය.


එසේම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සහන ලබා දීමටත් මෙහි මහමොළකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් ලබා දීමටත් තමා කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහි දි වැඩිදුරටත් සදහන් කළා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads