Type Here to Get Search Results !

ඇල්පිටියේ මාලිමා ආණ්ඩුව හදන්න මංජු නිශ්ශංකගේ බල්බය පත්තු කරයි..


 ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පිහිටු වීමට ජාතික ජන බලවේගය පක්ෂයට අවස්ථාව ලබාදීම සඳහා විදුලි බල්බය යටතේ තරග කර ජයග්‍රහණය ලැබූ ජාතික ජනතා පක්ෂයේ මන්ත්‍රීවරයාගේ සහාය ලබාදිය හැකි යැයි එම පක්ෂයේ නායක මංජු නිශ්ශංක මහතා පැවසීය.


තම පක්ෂය රාජපක්ෂවරුන් හෝ වික්‍රමසිංහ පාර්ශ්වයන්වල පවුල් දේශපාලනය ප්‍රතික්ෂේප කරන බවත් ඔවුන් සමග සාකච්ඡා කිරීම ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රතික්ෂේප කර තිබෙන බවත් නිශ්ශංක මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.


පක්ෂයක් ලෙස ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති සහ මතවාද, ඇල්පිටියේ ජනතාව පිළිගෙන ඇති බව මන්ත්‍රීවරයකු පත්වීම තුළින් රටට පෙනී යනු ඇති බවත් එහි ජනතාවට තමා ස්තූතිවන්ත වන බවත් ඔහු කීය.


ජනතාව විසින් සාම්ප්‍රදායික දේශපාලනය ප්‍රතික්ෂේප කරමින් සිටින බව ඇල්පිටිය ප්‍රතිඵල තුළින් දක්නට ලැබුණු බවත්, මෙය එළැඹෙන මහ මැතිවරණයේදී තවත් ඉදිරියට යනු ඇති බවත් ඔහු කීය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads