Type Here to Get Search Results !

සජබෙට ගහන්න කීවාම මාලිමාවට ගහලා.. ජන්ද පොල නිලධාරිවරයකුට එරෙහිව පොලිසියට පැමිණිල්ලක්..


 ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පොල්පිටිය පොලිස් වසමේ 318/සි ග්‍රාමසේවා වසමට අයත් මිනුවන්දෙණිය ජන්ද මධ්‍යස්ථානයේ ජන්ද මධ්‍යස්ථාන නිලධාරිවරයා විසින් තමන් ප්‍රකාශ නොකල පක්ෂයකට තම ජන්දය සලකුණු කර ඇති බවට ජන්ද දායිකාවක් විසින් පොල්පිටිය පොලිසියට (14) දින පැමිණිල්ලක් කර ඇත.


පොල්පිටිය මිනුවන්දෙණිය පිටකන්ද ප්‍රදේශයේ පදිංචි ඊ.එම්.දයාවති (63) හැවිරිදි කාන්තාව (14) දින උදැසන 9.30 ට පමණ ජන්ද මධ්‍යස්ථානය වෙත ගොස් තමන් අසනිප තත්ත්වයෙන් සිටි නිසා තම ජන්දය සමගි ජන බලවේගයේ සලකුණ වන දුරකථනයට සලකුණු කර මනාප අංක තුනක් සටහන් කරන ලෙසට ජන්ද මධ්‍යස්ථාන භාර නිලධාරිවරයාගෙන් ඉල්ලිමක් කර ඇත.


එම අවස්තාවේ ජන්ද මධ්‍යස්ථාන භාර නිලධාරිවරයා ජන්දය සහ මනාප අංක සලකුණු කර ජන්ද පත්‍රිකාව නවා ජන්ද පෙට්ටියට දමන ලෙසට තමන් වෙත ලබාදුන් අවස්තාවේ තමන් එය පරික්ෂා කර බැලු බවත්, එම ජන්ද පත්‍රිකාවේ ජන්දය ජාතික ජන බලවේගයේ සලකුණ වන මාලිමාවට සලකුණු කර මනාප අංක සලකුණු කර තිබු නිසා ඒ පිලිබදව තමන්ට ජන්ද මධ්‍යස්ථාන භාර නිලධාරිවරයාගෙන් කල විමසුමකට ජන්ද මධ්‍යස්ථාන භාර නිලධාරිවරයා කෑගසන්න එපා මෙන්න ජන්ද පත්‍රිකාව ඔයා කැමති පක්ෂයට මම සලකුණු කර දෙන්නම ලෙසට පවසමින් යලිත් දුරකථනයට කතිරය ගසා මනාප අංක සදහන් කර යලිත් තමන් වෙත ජන්ද පත්‍රිකාව ලබාදෙන අවස්තාවේ මෙම ජන්දය අවලංගුයි නේද යනුවෙන් විමසිමක් තමන් කල බවට ඇය විසින් කර ඇති පැමිණිල්ලේ සටහන් කර ඇත.


පසුව තමන් එම ජන්ද මධ්‍යස්ථානයේ සිටි සෙසු නිලධාරින්ට ජන්ද පත්‍රිකාව පෙන්වා එම ජන්ද පත්‍රිකාව ජන්ද පෙට්ටියට දැමු බව ඇය විසින් පොලිසියට කර ඇති පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන් කර ඇත.


අප මේ සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන ගලබඩ මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමන් වෙත පැමිණිල්ල ලැබිමෙන් පසු ඒ සම්බන්ධයෙන් විමර්ෂණයක් ආරම්භ කරන බවයි.


– රංජිත් රාජපක්ෂ

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads