මේ කාර්යාලයේ ඉදිකිරීම් කටයුතු පෙරේදා (04) පස්වරුවේ සිදුකරමින් තිබෙන අවස්ථාවේ ජාතික ජන බලවේගයට සම්බන්ධ ක්‍රියාකාරිකයකු පැමිණ එහි සිටි දෙදෙනකුට පහරදී තම ගම්මානයේ පිටස්තර පුද්ගලයට කාර්යාල ඉදිකිරීමට ඉඩක් නමැති බව ප්‍රකාශ කර තිබේ.
ඒ අවස්ථාවේ ඔහු අත කඩුවක් හා පොල්ලක් තිබී ඇති අතර එහිදී ඔහු හලාවත සමගි ජන බල අපේක්ෂක කොගුලනාත් සිංග් මහතාගේ බැනරයක් ද ගලවා ඉරා දමා ඇත.
මේ පුද්ගලයා මිනීමැරුමකට සම්බන්ධ වී ඇප මත සිටින අයෙකි.
මේ සිදුවීමෙන් පසු ඊයේ (05දා) අලුයම වන්නට මේ ප්‍රහාරය සිදුකර කාර්යාලයට ගිනි තබන්නට ඇතියි පොලිසිය සැක කරයි.
හලාවත පොලිසිය ඊයේ පෙරවරුවේ මේ ස්ථානයට පැමිණ මූලික පරීක්ෂණ සිදුකරන ලදී.
පහර කෑමට ලක්වූ පුද්ගලයකු ඊයේ (05දා) දහවල් ප්‍රතිකාර ගැනීම සඳහා බිංගිරිය රෝහලට ඇතුළත් වූ බව සමගි ජන බලවේගයේ හලාවත මාධ්‍ය ප්‍රකාශක නිමල් ජයමාන්න මහතා පැවැසීය.
මේ සම්බන්ධයෙන් හලාවත සහකාර පොලිස් අධිකාරි ධම්මික හපුගොඩ මහතාගෙන් කළ විමසීමේදී කියා සිටියේ සැකපිට එක් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
හලාවත පොලිසිය මේ පිළිබද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත
– ප්‍රසාද් ජයමාන්න