Type Here to Get Search Results !

ලාල්කාන්ත අඩියක් පස්සට ගනී..


 රිලවුන්, වන අලින් සහ බව බෝගවලට හානි කරන සතුන් පාලනය සඳහා වඩාත් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කිරීම සඳහා අන්තර් අමාත්‍යාංශ ඒකකයක් පිහිටුවීම සිදු කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම හා වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේය.


ගොවි ජනතාවගේ අස්වනුවලට වන සතුන්ගේන් වන හානි වළක්වා ගැනීම සඳහා ,මෙතෙක් පැවති රජයන් ගත් පියවර සාර්ථක විසඳුම් නොවූ බව ද ඇමැතිවරයා පැවැසීය.


මේ වන විට සකස් කර ඇති,නව කෘෂිකර්ම ප්‍රතිපත්තිය පිළිබඳව වර්තමාන තත්ත්වය හා ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න හා ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය සුසිල් රණසිංහ මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ජාතික ජන බලවේගයේ කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවේදී ඇමැතිවරයා මේ බැව් ප්‍රකාශ කලේය.


ගොවි ජනතාවට ඍජුවම බලපාන කරුණු පිළිබඳව ගතහැකි කෙටිකාලීන විසඳුම් සම්න්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. එමෙන්ම මේ වන තෙක් ගෙන ඇති පියවරවල ප්‍රගතියද මෙම සාකච්ඡාවේදී සලකා බලන ලදී.


මේ වන විට හදිසි ආපදා තත්ත්වය හමුවේ ගොවි ජ්‍නතාවගේ බව භෝගවලට සිදුව ඇති හානි සහ වාරි නිර්මිතයන්ට සිදුව ඇති හානිය යථා තත්ත්වයට පත් කර ගැනීමට ක්ෂණික පියවර ගැනීම සඳහා මේ වන විටත් කටයුතු සිදු කර ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.


වමහි දී කෘෂිකර්ම ප්‍රතිපත්ති කමිටුව සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න හා ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය සුසිල් රණසිංහ මහත්වරුන් සමඟ නිරන්තර සම්බන්ධීකරණයෙන් පවත්වා ගෙනයමින්කෘෂි ගැටලුවලට කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන විසඳුම් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවද මෙහිදී අවධාරණය කෙරිණි.


– බුද්ධිකා ඉඹුලාන

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads