ලුණු නිෂ්පාදනය කිරීමේදී මතුව ඇති ප්‍රායෝගික ගැටලු කිහිපයක් පෙන්වාදෙමින් සමාගම් අදාළ යෝජනාවලිය ඉදිරිපත් කර තිබේ.
කර්මාන්ත අමාත්‍යාංශය හා සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය.
මේ අතර අප කල විමසීමේදී ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරී ආර්.එම්.ගුණරත්න මහතා සඳහන් කර සිටියෙ මේ වනවිට ලුණු මෙට්‍රික් ටොන් 12ක සංචිතයක් පවතින බවයි.
එය මාස 02ක කාලයකට ප්‍රමාණවත් බව පැවසීය.
පැවති වර්ෂාධික කාලගුණ තත්ත්වයත් සමග පසුගිය සමයේ ලුණු නිෂ්පාදනය අඩු විය.
ඉදිරියේදී ඇතිවිය හැකි වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ලුණු නිෂ්පාදනයට පවතින අවධානම අවම කිරීම සඳහා ආනයනය කිරීමට ආණ්ඩුවෙන් අවසර ඉල්ලු බව පැවසීය.
මේ වනවිට පරිභෝජනය සඳහා අවශ්‍ය වන ලුණු තොග රට තුළ පවතියි.
එහෙත් ඇතමුන් ලුණු හිඟයක් ඇතැයි පවසමින් මිළ ගණන් සීඝ්‍රයෙන් ඉහළ දමා ඇතිබවට තොරතුරු ලැබී ඇතිබව වැඩිදුරටත් පැවසීය.
– නාගොඩ සුමන උදයන්ත