Type Here to Get Search Results !

රජයේ තීරණයකට පාර්ලිමේන්තු නිලධාරීන්ගේ දැඩි විරෝධයක්..


 පාර්ලිමේන්තුවේ තනතුරුවලට බාහිරෙන් බඳවා ඉහළ නිලධාරීන් ගැනීමට සාකච්ඡා ආරම්භ කිරීමත් සමග ඊට පාර්ලිමේන්තු සේවකයන්ගේ දැඩි විරෝධය මතුව ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.


සාමාන්‍යයෙන් මේ දක්වා නිලධාරි තනතුරු පිරවීම කෙරුණේ දැනට සේවය කරන නිලධාරින් උසස් කිරීමේ ක්‍රමවේදය අනුවය.


මෙලෙස බාහිරෙන් පුද්ගලයන් බඳවා ගැනීමෙන් පාර්ලිමේන්තුවේ කාලයක් තිස්සේ සේවය කරන සේවකයන්ට බරපතළ අසාධාරණයක් සිදුවන බව එහි බොහෝ පිරිස් රජයට පෙන්වා දෙති.


පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරු වලට මෙසේ බඳවා ගැනීමට යන බව පැවසෙන්නේ රජයේ පරිපාලන සේවයෙනි.


පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සාකච්ඡාවක දී පසුගියදා මේ කාරණය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර ඇත


පාර්ලිමේන්තු සේවකයන්ට මෙතෙක් හිමිව තිබූ නිවාඩු හිලව් දීමනාව ගෙවීම ආර්ථික ගැටලු සැලකිල්ලට ගෙන නතර කිරීමට රජය තීරණය කර ඇත.


මේ සම්බන්ධයෙන් ද සේවකයන්ගේ දැඩි විරෝධය මතුව ඇතැයි වාර්තා වේ. මෙය එම සේවකයන්ට වසර ගණනාවක් තිස්සේ ගෙවූ දීමනාවකි.


– සුජිත් හේවාජුලිගේ

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads