Type Here to Get Search Results !

මාලිමාවට උදවු කල මහ මෝල් හිමියෙකුට සහල් කිලෝවකින් රුපියල් සීයක ලාබයක්..?


 රුපියල් 270ට සහල් විකිණීම හරහා ලබන අධික ලාභය යන්නේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමිකරුවන්ට දැයි සමගි ජන බලවේගයට සැක බව සජබ මහනුවර දිස්ත්‍රික් සංවිධායක මහේෂ් සේනානායක මහතා කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවැසුවේය.


මේ නිසා අද වන විට සහල් කිලෝවක් රුපියල් 230ට ලබා ගැනීමට පාරිභෝගිකයාට නොහැකි වී තිබෙන බවත් ඒ මහතා කීවේය.


ජනතාවගේ ගැටලුව ගැන ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගයට කතා කිරීමට කොන්දක් තිබෙන නමුත් ආණ්ඩුවට නොහැකි වී ඇති බවත් ඔහු කීය.


පසුගිය යල සහ මහ කන්නවල වී මිලදී ගෙන තිබෙන්නේ රුපියල් 80ත් 105ත් අතර මිලකට බවත් වී කිලෝවකින් සහල් ග්‍රෑම් 600ක් නිෂ්පාදනය කිරීමට හැකි බවත් ඔහු කීවේය.


හාල් කිලෝ එකක් නිෂ්පාදනය කිරීමට වී කිලෝ එකයි දශම හයක් අවශ්‍ය වන බවත් ඒ අනුව සහල් කිලෝ එකක් රුපියල් එකසිය විස්සත් 125ත් අතර මුදලකට කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාදනය කිරීමට හැකියාව තිබෙන බව ඔහු කීය.


මේ අනුව දළ ලාභයත් එකතු කළ පසු හාල් කිලෝවක් රුපියල් 165ත්, 170ත් අතර මිල පරාසයක පාරිභෝගිකයාට විකිණීමට හැකියාව තිබෙන බව ඒ මහතා පැවැසුවේය.


මේ අතර සහල් මෝල් හිමියන් බැංකු හරහා සියයට 4 සහ 5 වැනි අඩු පොලියට බැංකු හරහා විශාල ණය ලබාගන්නා බවත් ඒවායින් සහල් මිලදී ගන්නේද යන්න සෙවීමට ක්‍රමයක් නැති බවත් ඔහු පැවැසීය.


වර්තමාන රජයත් මහා පරිමාණ වී මෝල් හිමියන්ට රාජ්‍ය බැංකු හරහා අඩු පොලියට අධික ණය ලබාදීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවැසීය.


– සචිත්‍ර පෙරේරා

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads