රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයෙන් ඉල්ලා අස්වීමට ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් තීරණය කර ඇත.
ජනාධිපති ලේකම් සනත් කුමානායක වෙත ලිපියක් යොමු කරමින් උන් වහන්සේ පවසා ඇත්තේ තමන් වහන්සේට එම තනතුර ලබා දීම හේතුවෙන් යම් පාර්ශ්වයක සිත් රිඳවීමක් සිදුව ඇති බවයි.
හිටපු කුලපති ස්වාමීන් වහන්සේට පක්ෂපාතී ඇතැම් ගිහි පිරිස් අසාධාරණ වූ ප්‍රකාශයන් මාධ්‍ය ඔස්සේ පළකරනු ලබන බවක් එහෙයින් සංඝ භේදය ඇති වීම සහ ඇති කිරීම වළක්වාලනු පිණිස තමන් මෙම තනතුරෙන් ඉවත්වීමට තීරණය කළ බවත් ලිපියේ සදහන් කර ඇත.
පසුගිය පෙබරවාරි 10 වනදා සිට ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය සඳහා ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් ජනාධිපති අනුර කුමාර දිසානයක විසින් පත් කරනු ලැබීය.