Type Here to Get Search Results !

උස්වැටකෙයියාව අබිරහස් ඝාතනයේ නවතම අනාවරණ මෙන්න... ඔහු සංජීවගේ ප්‍රතිවාදියෙක්ද ?


 උස්වැටකෙයියාව, මෝගන්වත්ත වෙරළ තීරයේ තිබී හමු වූ මළසිරුර අබිරහස් රැසක් ඉතුරු කළා...


එහි සුල මුල සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක වෙනවා... මේ කියන්න හදන්නේ එහි නවතම අනාවරණ කිහිපයක් ගැනයි....



ජා ඇල - උස්වැටකෙයියාව, මෝගන්වත්ත වෙරළ තීරයේ තිබී හමු වූ මළසිරුර මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවෙකුගේ බවට අනාවරණය කරගෙන තිබෙනවා.


වෙඩි වැදීමකින් මියගිය බවට සැකකෙරෙන පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් අදාළ වෙරළ තීරයේ තිබී හමුවුණේ අද උදෑසනයි.


කෙසේ වෙතත්, මෙය ඝාතනයක් බවත්, එය ඊයේ රාත්‍රි කාලයේ සිදුව ඇති බවටත් දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, මරණකරු දණ ගස්වා, ටී - 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර 10 ක් පමණ එල්ල කර ඇති බවටයි හෙළි වී ඇත්තේ.


සිරුර ආසන්නයේ තිබී ටී - 56 ගිනි අවි හිස් පතොරම් කොපු 09 ක් සහ එක් ජීව පතොරමක් විමර්ශන නිළධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.


එසේම, මරණකරු බටුවත්තේ චාමර නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ඥාතියෙකු බවටද වාර්තා වනවා.


බටුවත්තේ චාමරගේ ඥාතී නිවසකට පසුගියදා වෙඩි ප්‍රහාරයක් ද එල්ල වුණා.


එසේම, ගනේමුල්ල සංජීවගේ ප්‍රතිවිරුද්ධ පාර්ශවය නියෝජනය කරන අයෙකු ලෙසයි බටුවත්තේ චාමර හැදින්වෙන්නේ.


මෙම පුද්ගලයා මීට මාස කිහිපයකට පෙර ඩුබායි සිට මෙරටට පැමිණි ඇති බවට ද පොලිසිය සදහන් කළා.


අදාළ පුද්ගලයාට ඊයේ රාත්‍රියේ ඩුබායිහි සිටින ඉෂාර නැමැත්තෙකු විසින් දුරකතන ඇමතුමක් ලබාදී උස්වැටකෙයියාව ප්‍රදේශයට යන ලෙස පවසා තිබෙනවා.


එම දුරකතන ඇමතුම අනුව ඔහු ත්‍රිරෝද රථයකින් අදාළ ප්‍රදේශයට ගොස් තිබුණා.


එසේම, මියගිය පුද්ගලයාගේ නිවස පරික්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය භාවිතයට යොදාගන්නා උපකරණද පොලිසිය සොයාගෙන තිබුණා.


මොහු කළක් කණ්දකාඩු පුනරුත්තාපන කදවුරේ රදවා සිටි අයෙකු බවටයි වාර්තා වන්නේ.


මේ අතර, මීගමුව ප්‍රදේශයේදී බබා නැමැති පුද්ගලයෙකු ඉලක්ක කරගෙන ද කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තැබීමට උත්සහ කර ඇති අතර, එය ව්‍යාර්ත වී තිබුණා. පොලිසිය සදහන් කළේ, වෙඩි ප්‍රහාරයට ඉලක්ක වූ පුද්ගලයා ප්‍රදේශයේ මුදල් පොලියට ලබාදෙන්නෙකු බවයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads