Type Here to Get Search Results !

අලුත්කඩේ ඝාතනයෙන් කැළඹෙති.. මන්ත‍්‍රීලාට ප‍්‍රභූ ආරක්‍ෂාව දෙන්න අවධානය..


 අලුත්කඩේ අධිකරණයේ විත්ති කූඩුව මතදී පාතාල නායකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු ප‍්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් යළි සලකා බැලීමට ආරක්ෂක අංශ කටයුතු කරයි.


මේ අනුව මම ජනාධිපතිවරයාගේ සිට සියලුම මන්ත්‍රීවරුන් දක්වාම මෙම ආරක්ෂාව නැවත සමාලෝචනය කිරීමට නියමිතව තිබේ.


මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන්ද කළ විමසීමකදී ඔහු කියා සිටියේ ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් විටින් විට සමාලෝචනය කරන බවයි.


ඒ අනුව ඉදිරියේදී අවශ්‍ය වුවහොත් ඊට අවශ්‍ය පියවර ගනු ඇති බවද ඔහු සඳහන් කළේය.


මේ අතර පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන්ද තම ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.


ඒ අනුව මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීම වැඩ බලන පොලිස්පතිවරයාට යොමු කළ බව කථානායකවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවේය.


නව ආණ්ඩුවේ මැති ඇමතුරුන් රැසක් මේ වන විට පොලිස් ආරක්ෂාවක් නැතිව ගමන් බිමන් යමින් සිටින අතර ඔවුන් පොලිස් ආරක්ෂාව ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් ඇත.


ප්‍රභූ ආරක්ෂක ඒකකයට ඇතුළත් කර සිටි පොලිස් නිලධාරීන් වැඩි පිරිසක් මේ වන විය නැවත සාමාන්‍ය රාජකාරී සඳහාද අනුයුක්ත කර සිටී.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads