Type Here to Get Search Results !

ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පැනලා.. පොලිසිය ස්ථාන 200ක් සෝදිසි කරලා..


 කොළඹ අලුත් කඩේ අධිකරණ ශාලාව තුළදී ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීම මෙරට එය මෙහෙය වූ මළ මොලකාරී ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව බෝට්ටුවකින් මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට පලායන්නට ඇති බවට සැක පළ වී තිබේ.


එම කාන්තාව සැඟවී සිටින බවට ලැබුණු තොරතුරු මත ස්ථාන දෙසීයකට ආසන්න ප්‍රමාණයක් ආරක්ෂක අංශ විසින් පරීක්‍ෂා කළ ද ඇය පිළිබඳව කිසිදු තොරතුරක් සොයාගැනීමට හැකියාව ලැබී නැත.


ජංගම දුරකථන භාවිතය ද ඇය නතර කර ඇති නිසා ඇය පිළිබඳව හෝඩුවාවක් සොයාගැනීමට පොලිසියට අපහසුවී තිබේ.


දකුණු පළාතේ මුහුදු තීරය ඔස්සේ ඇය මෙරටින් පලායනට ඇති බවට විශාල සැකයක් මේ වන විට ඇතිව තිබෙන බවද වාර්තා වෙයි.


මෙම තත්ත්වය මත ඇය සම්බන්ධයෙන් සියලුම තොරතුරු ඉන්දීය බුද්ධි අංශ සමග හුවමාරු කරගැනීමටද පොලිසිය කටයුතු කර ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads