සමීක්ෂණය ආරම්භ කිරීමට නියමිත උදෑසන කාලයේදී වදුරන්, රීළවුන් ගම්මානවලට නොඑන බවත් උදෑසන 8.00-8.05 කාලය තුළදී සමීක්ෂණය ප්‍රායෝගිකව සිදුකළ නොහැකි බවත් එම සංගමය කියා සිටී.
සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය ගාල්ලේදී පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේදී එහි නියෝජ්‍ය සභාපති බී.එම්. තීක්ෂණ මහතා මේ බව පැවැසීය.
වන සත්ත්ව සංගණනයක් පැවැත්වීමෙන් වගාවන්ට හානි කරන සතුන් පිළිබඳව රජයට සංඛ්‍යා ලේඛන සකසා ගැනීමේදී ප්‍රයෝජනවත් විය හැකි බවද නියෝජ්‍ය සභාපතිවරයා කීය.
කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් පත්කළ නිලධාරියකු මෙම වැඩසටහනට ප්‍රධානියා වශයෙන් කටයුතු කළ යුතු බවත් එසේ නොමැතිව ග්‍රාම නිලධාරීන්ට එහි වගකීම පැවරුවහොත් අස්වැසුම වැඩසටහනේ මෙන් ගැටලු ඇතිවිය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.
කෘෂි නිලධාරීන් සිටියදී මෙම සමීක්ෂණයේ වගකීම ග්‍රාම නිලධාරීන් පිට පැවරුවහොත් ඊට විරෝධය පළකරන බවද ඔහු කීය.


