Type Here to Get Search Results !

‘ආණ්ඩුවට කිසිම ආර්ථික සැලැස්මක් නෑ..’- ජනපති පත් කල ලොක්කෙක් ආණ්ඩුවට දොස් කියයි..


 මෙරට සිට ඩිජිටල් සේවා ලබාදෙන පුද්ගලයන් සඳහා බද්දක් පැනවීමෙන් මෙරට ඩිජිටල් ආර්ථිකය අඩපණ වී එම ක්ෂේත්‍රයේ නියුතු අය රට හැරයාමේ ඉහල අවධානමක් ඇති බව කොළඹ තාක්ෂණ නගරයේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා සඳහන් කරයි.


අද වන විට සියල්ල තීරණය කරමින් ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ සිටින අය බවද පවසන ඔහු මුදල් අමාත්‍යංශය ද ආර්ථික සැලැස්මක් නැති බවද කියා සිටී.


එවන් සැලැස්මක් තමන් අද වනතුරැ දැක නැති බවද ආර්ථිකයේ ගමන් කළ යුත්තේ ආර්ථික සැලැස්මක් අනුව බවත් එවන් සැලැස්මක් තමන්ට නොපෙනෙන බවත් ඔහු තවදුරටත් පවසයි.


හිරු නාලිකාව සමඟ සාකච්ඡාවකට  එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.


පසුගිය දෙසැම්බර් 13 වැනිදා ජනාධිපති අනුර දිසානායක මහතා විසින් කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සාමාජිකයෙකු ලෙසද ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා පත් කර ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads