Type Here to Get Search Results !

පාරට බැස විරෝධතා කල අපි මේ රටේ කඩා වැටීමට වග කිව යුතුයි..- ලාල් කාන්ත


 උපාධිධාරීන්ට රජයේ රැකියා දෙන ලෙස තමන්ද ඇතුළු කණ්ඩායම් පාරට බැස විරෝධතා කළත් එහි ප්‍රතිඵල දැන් පෙනෙන්නට ඇතැයි අමාත්‍ය ලාල් කාන්ත මහතා සඳහන් කරයි.


රජය රැකියා ලබාදීමේ ආයතනයක් නොවන බවද පැවසූ මේ රටේ කඩා වැටීමට තමන්ද ඇතුළුව සියලු දෙනා වගකිය යුතු බවද කියා සිටියේය.


එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂකර්ම සංවිධානයේ නියාමනය අනුව යුරෝප සංගමයේ ආධාර යටතේ මෙරටට ලැබුණු බීජ වී සැකසීමේ යන්ත්‍ර සහ බීජ වී වියලීමේ යන්ත්‍ර මහා ඉළුප්පල්ලෙම බීජ පර්යේෂණ ආයතනය වෙත ලබාදීමේ අවස්ථාව ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්ථාවේ ඔහු මේ බව පැවසුවේය.


‘රාජ්‍ය සේවයට දැන් මේ අවුරුද්දේ බඳව ගන්න ඕනේ 30,000ක්. හැබැයි උපාධිධාරයන්ට කියන්න ඕන රජයේ රස්සා බලන්න එපා.


රජය රැකියාදීමේ ආයතනයක් නෙමෙයි. ඒවට අපිත් වග කියන්න ඕන නේද. ඒවට අපිත් වග කිය යුත්තෝ. අපිනෙ කිව්වේ උපාධිධාරයන් ඔක්කොටම ජොබ් දීපියව් පුරෝපියව් කියලා සටන් කරලා පාරට බැහැලා.


දැන් දුන්නා දීමක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල කරන්න දෙයක් නැහැ උන්ට.


ප්‍රාදේශීය ලේකම් තුමන්ලා කියනවා එන්න එපා බදාදට ඇවිල්ල අත්සන් කරලා යන්න. උඹල ගෙදර ඉන්න එක වාසී මෙහෙනවට වඩා.


මෙහෙ ආවම පොඩි ෆෑන් එකක් හරි දාගන්න වෙනවා ලයිට් එකක් හරි දාන්න වෙනවා.


ඒ කියන්නේ මේ කතා කරන මමත් ඔබත් මේ රටේ කඩා වැටීමට වගකිව යුතුයි’

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads