Type Here to Get Search Results !

දයා ගමගේගේ දේපල වෙන්දේසි කරන්න අධිකරණය නියෝග කරයි..


 හිටපු රාජ්‍ය අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් බවට කියන ව්‍යාපාරික ආයතන තුනක් වෙන්දේසියට නියමව ඇත.


කොළඹ වාණිජ මහාධිකරණයේ නියෝජ්‍ය පිස්කල්වරයා විසින් පුවත්පත් ඔස්සේ ප්‍රසිද්ධ පනවූ දැන්වීමකට අනුව, 2025 ජූලි 2 වැනිදා උදෑසන 10ට මෙම වෙන්දේසිය පැවැත්වීමට තීරණය කර ඇත.


මෙම පියවර ගෙන ඇත්තේ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම වෙත අය විය යුතු මුදලක් ආපසු ලබාගැනීමේ අරමුණින් ය. සමාගමට ගෙවිය යුතු මුළු මුදල රුපියල් 108,309,342ක් වන අතර, මෙයින් රුපියල් 4,080,000ක් වගඋත්තරකරුවන් විසින් දැනටමත් ගෙවා ඇත.


ඉතිරිව ඇති රුපියල් 104,229,342ක් ආපසු ලබා ගැනීම සඳහායි මෙම වෙන්දේසිය සංවිධානය කර ඇත.


වෙන්දේසියට නියමිත ආයතන වන්නේ දයා ගෲප් ලිමිටඩ්, දයා ඇපරල් එක්ස්පෝටර් (ප්‍රයිවට්) ලිමිටඩ්, ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ්


මෙම ආයතන සඳහා ඇති ආදායම් හා වත්කම් මගින් එම මුදල ආපසු ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි දැන්වීමේ සඳහන් වන්නේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads