Type Here to Get Search Results !

මාලිමා මන්ත්‍රී පැදවූ රිය හෙම්මාතගම දී අධි බලැති විදුලි කණුවක ගැටෙයි..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර පැදවූ රථය හෙම්මාතගම නගරයේ අධි බලැති විදුලි රැහැනේ වැදීම හේතුවෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ, එම අනතුරින් පසු මන්ත්‍රීවරයා මාවනැල්ල රෝහල් ගත කර ඇති බවත් විදුලි කණුවට දැඩි හානි සිදු වි ඇති බව විදුලි බල මණ්ඩලය පවසන බවයි.

හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී හෙම්මාතගම පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ ඊයේ (26) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි.

 

අනතුරෙන් පසුව හෙම්මාතගම නගරයේ මෙන්ම අවට ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි වි ඇති අතර හෙම්මාතගම විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ නිලධාරීන් පැමිණ විදුලි මාර්ගයට ඇද වැටි තිබු විදුලි රැහැන් ආරක්ෂිතව ඉවත් කර තාවකාලිකව විදුලිය ලබා දීමට කටයුතු කර ඇති බවද අප වාර්තාකරු සඳහන් කළා.

අනතුර සිදු වි අවස්ථාවේ දැඩි ශබ්දයක් නිකුත් වු බවත් මද වේලාවකින් හෙම්මාතගම පොලිසියේ නිලධාරීන්ද එහි පැමිණි තිබුණා.

අනතුරින් පසුව 'එයා බැලුම්' විවෘත වී තිබූ බවත් රථය පදවාගෙන ගොස් තිබුණේ අදාල මන්ත්‍රීවරයා පමණක් බවද අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads