Type Here to Get Search Results !

සුදාට එරෙහිව දියවඩන නිලමේ නඩු දමයි.. සුදාට වාරණයක්..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

කොළඹ දිසා අධිකරණය විසින් යූ ටියුබර්වරුන් වන සුදන්ත තිලකසිරි නොහොත් “සුදා” සහ තවත් අයෙකුට දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාට අපහාසාත්මක ප්‍රකාශ හෝ අන්තර්ගතයන් ප්‍රකාශ කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම නියෝගය කොළඹ අතිරේක දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා ගොනු කළ පැමිණිල්ලකට අනුව නිකුත් කර ඇත.

මෙම වාරණ නියෝගය ජූලි 30 වනදා දක්වා බල පැවැත්වේ.

අධිකරණය විසින් සුදන්ත තිලකසිරි සහ දමිත් නුවන් කොඩිතුවක්කු ආරච්චි යන විත්තිකරුවන් දෙදෙනාට, ඔවුන්ගේ යූ ටියුබ් නාලිකා ඔස්සේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඉලක්ක කර ගනිමින් අපහාසාත්මක අන්තර්ගතයන් ප්‍රකාශ කිරීම තහනම් කරමින් මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads