Type Here to Get Search Results !

පාස්කු ප්‍රහාරයේ සාක්ෂි සැඟවූ ආරක්ෂක ප්‍රධානියෙක් ප‍්‍රශ්ණ කරන්න කැදවයි..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රයේ විම­ර්ශ­න­ව­ලට බාධා වන අයු­රින් තීර­ණා­ත්මක සාක්ෂි කිහි­ප­යක් සැඟවූ බව අනා­ව­ර­ණය වී ඇති ආර­ක්ෂක අංශ ප්‍රධා­නි­යකු සම්බ­න්ධ­යෙන් පුළුල් විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇත.

ප්‍රහා­රයේ සාක්ෂි සැඟ­වීම සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් දීර්ඝ විම­ර්ශ­න­යක් සිදු කර­මින් සිටින අතර, එහිදී අනා­ව­ර­ණය වී ඇත්තේ අදාළ ආර­ක්ෂක අංශ ප්‍රධා­නියා මෙසේ සාක්ෂි සැඟ­වී­මට කට­යුතු කිරීම මෙන්ම තමන් යටතේ සිටි නිල­ධා­රීන්ට සාක්ෂි වෙනස් කිරී­මට සහය දීමද සිදු කර ඇති බවයි.

මේ පිළි­බඳ අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කිරී­මෙන් පසු අදාළ ආර­ක්ෂක අංශ ප්‍රධා­නියා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට කැඳවා ප්‍රශ්න කිරී­මට නිය­මි­තය. 2019 අප්‍රේල් 21 වැනිදා සිදු කළ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­ර­යෙන් පුද්ග­ල­යන් 300කට අධික පිරි­ස­කගේ ජීවිත අහිමි විය.

මේ පිළි­බද අංශ කිහි­ප­යක් ඔස්සේ විම­ර්ශන සිදු කළ අතර, පසු­ගිය කාල­යේදී එම විම­ර්ශන අඩාළ කිරීම පිළි­බද චෝදනා රැසක් එල්ල විය.

2019 නොවැ­ම්බර් මාස­යේදී මේ පිළි­බඳ විම­ර්ශන කළ විශාල පිරි­සක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ සිට වෙනත් රාජ­කාරි සදහා රට පුරා පොලිස් ස්ථාන­ව­ලට අනු­යුක්ත කරනු ලැබූහ.

ඉන් පසු එම විම­ර්ශන භාර ව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ශානි අබේ­සේ­කර අත්අ­ඩං­ගු­වට ගන්නා ලද අතර, මේ වන විට යළිත් අදාළ විම­ර්ශන භාරව සිටින්නේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ වර්ත­මාන අධ්‍යක්ෂ ශානි අබේ­සේ­කර ය.

ශාලික විම­ල­සේන

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads