Type Here to Get Search Results !

මිද්දෙණියේ අයිස් බඩු කන්ටේනර් දෙක රේගුවෙන් මුදා හැරියේ තාක්‍ෂණික දෝෂයකින්..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය ද්‍රව්‍ය වළදමා තිබී මිද්දෙනියේදී ගොඩගන්නා ලද රසායන ද‍්‍රව්‍ය ගෙන එන ලද කන්ටේනර් පෙට්ටි දෙක පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී කොළඹ වරායට පැමිණ තිබූ බව මහජන ආරක්ෂ ඇමති ආනන්ද විජේපාල මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් තොරතුරු ඇමරිකානු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයකින් මෙරටට ලබා දී තිබූ බවද ඒ මහතා කියා සිටියි.

කෙසේ වෙතත් මුල් අවස්ථාවේ මෙම බහාලුම්වල ඇති රසායන ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණවලදී ඒවායේ මත්ද්‍රව්‍ය අන්තර්ගතයක් සම්බන්ධයෙන් අනාවරණය වීමක් සිදු නොවූ බවත් හෙතෙම කියා සිටියේය.

ඒ අනුව රේගුව විසින් ජනවාරි මස මෙම බහලුම් දෙක නිදහස් කර ඇති බවත් සඳහන් කළේය.

ස්වර්ණවාහිනි නාලිකාවේදී පැවැති වැඩසටහනකදී ඔහු පැවසුවේ දෙවන අවස්ථාවේ මෙහිදී සිදු කරන ලද පරීක්‍ෂණවලට වලදී ඒවායේ මත්ද්‍රව්‍ය නිෂ්පාදන ද්‍රව්‍ය අන්තර්ගත බව හෙළි වූ බවයි.

ඒ අනුව මුල් පරීක්ෂණ ආයතනය සම්බන්ධයෙන් තාක්ෂණ දෝෂයක් දැයි වෙනත් හේතුවක් දැයි පරීක්ෂණ කරමින් සිටින බවද කියා සිටියේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads