Type Here to Get Search Results !

රිලවුන් අතර සමාජ රෝග ව්‍යාප්තියක්.. මිනිසුන්ටත් බෝවෙයි..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

පොළොන්නරුව, ගිරිතලේ ප්‍රදේශවල දිගුකාලීන ගැටලුවක් බවට පත්ව තිබූ රිළා සහ වඳුරු ගහනය අධික වීම තවමත් නොවිසඳුනු ගැටළුවක්ව පවතී.

ඊට අමතරව එම සතුන් අතර සමාජ රෝග තත්ත්වයක් මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින අතර මෙම තත්ත්වය මිනිසුන්ටද බෝවීමේ අවධානමක් පවතින බවට අනතුරු අඟවා තිබේ.

රිළවුන් සහ වඳුරන් අධික වීම හේතුවෙන් පූජා නගරයට පැමිණෙන බැතිමතුන්ට හිරිහැර සිදු වන අතර, ගම්වාසීන් වගාහාණිවලින් පීඩා විඳිති.

මෙම පවතින ගැටළු මධ්‍යයේ, ව්‍යාප්ත වන නව රෝග තත්ත්වය හේතුවෙන් මිනිස්-සත්ව ගැටුම තවදුරටත් උග්‍ර වී තිබේ.

වඳුරන් සහ රිළවුන් තුළ සිපිලිස් රෝගයට සමාන රෝග ලක්ෂණ දක්නට ලැබුණු බව වාර්තා විය. මෙම සතුන්ගෙන් ලබාගත් සාම්පල පරීක්ෂා කිරීමේදී, එය බැක්ටීරියාවක් බව තහවුරු කර ගැනීමට හැකි විය.

මෙම රෝගය මිනිසුන්ට බෝවීමේ අවදානමක් පවතින්නේ, ආසාදිත සතුන්ගේ තුවාලවල ශ්‍රාවයන් මිනිසුන්ගේ සිරුරේ තැවරුණහොත්ය.

අවදානම ඉහළ යාමට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ, මෙම සතුන් බොහෝ වෙලාවට පොළොන්නරුව පූජා භූමියෝ සහ මැදිරිගිරිය වැනි මිනිසුන් ගැවසෙන ස්ථානවල නිතර ගැවසීමයි.

මෙම වඳුරන් සහ රිළවුන් නිතර වාඩි වන එම ස්ථානවල ඇති බංකු සහ තාප්ප මත ඔවුන්ගේ ඇති තුවාලවල ශ්‍රාවයන් තැන්පත් වීමට ඉඩ ඇත.

කෙසේ වෙතත්, මෙම රෝග අවදානම පිළිබඳව ජනතාව දැනුවත් භාවයක් නොමැති බව වාර්තාවේ. ජනතාව පවසන්නේ, ඔවුන් සතුන්ගේ තුවාල දුටු විට සිතන්නේ රිළා සපා කෑම් හෝ සාමාන්‍ය තුවාල බවයි.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ඉක්මනින් පාලනයක් කිරීමටත්, ඊට අදාළ වැඩපිළිවෙළක් සකස් කිරීමටත් අවශ්‍ය බවට මත පළ වී තිබේ.

ආසාදිත වඳුරන් සහ රිළවුන් නිර්වන්දනය කර, එම සතුන්ගෙන් සාම්පල ලබාගෙන පරීක්ෂණ සිදු කිරීමේ කටයුතු සිදුවෙමින් පවතී.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads