Type Here to Get Search Results !

විශේෂ නිවේදනයක් - දෙසැම්බර් 9,10 සහ 11 ලංකාවට වෙන්න යන්නේ මේකයි විමසිල්ලෙන් ඉන්න..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

දිවයිනට බලපා ඇති ඊසාන දිග මෝසම් කාලගුණය හේතුවෙන් එළඹෙන දෙසැම්බර් මස 9,10 සහ 11 යන දිනවලදී වර්ෂාපතනය වැඩිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.


එහි අධ්‍යක්ෂ ජනරාල්, අතුල කරුණානායක මහතා කියා සිටියේ, මෙම කාලයේ දී සුළඟේ වේගය ද වැඩි වන බවයි.


එහෙත් ඊසාන දිග මෝසම් කාලගුණය තුළ අන්තර් මෝසම් කාලගුණයට සාපේක්ෂව ගිගුරුම් සහිත වැසි අඩු බව ද ඔහු සඳහන් කළා. උතුරු, උතුරු මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාතට මෙම ඊසාන දිග මෝසම් කාලගුණය සක්‍රීය වීම නිසා දෙසැම්බර් 9 වනදායින් පසුව වර්ෂාපතනය වැඩි විය හැකි අතර, ඕනෑම විටකදී එම ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද අතුල කරුණානායක මහතා පැවසුවා.


තවද මෙම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර, මි.මී 75 හෝ 100ක පමණ වැසි ඇති විය හැකි බවද ඔහු ප්‍රකාශ කළා. රටේ සෙසු පළාත්වලට මෙම කාලසීමාව තුළ විශේෂයෙන්ම නිරිතදිග කොටසට ගිගුරුම් සහිත වැසි නොමැති වුවත් වැසි ඇති විය හැකි බව ද අතුල කරුණානායක මහතා කියා සිටියා.


මේ අතර, ලංකාවට ගිනිකොණ දිශාවෙන් වූ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් පවතින බවත් ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා මෙම තත්ත්වය තිබිය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.


රට අවට පහළ වායු ගෝලයේ කැලඹිලි ස්වභාවය ඉස්මතු වීමත් ඊසාන දිග මෝසමේ සක්‍රීයභාවයට හේතු වී ඇතැයි පැවසු අතුල කරුණානායක මහතා, බෙංගාල බොක්කේ ඇතිවන මෙම කැලඹිලි ස්වභාවය දිවයිනට ඇතින් වූ ගිනිකොණ දිග දිශාවේ අන්දමන් දූපත් ආසන්නයේ පවතින බවත් පැවසුවා.


එබැවින් දෙසැම්බර් 9 වනදායින් පසුව මුහුද රළු විය හැකි බවත් ධීවරයින් හා නාවිකයින් මේ පිළිබඳ ඉදිරි නිවේදන පිළිබඳ අවදානයෙන් සිටින ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා අවධාරණය කළා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads