Type Here to Get Search Results !

කුණාටුවක් එනවා නම් දෙරණ ඒක දිගටම කියන්න තිබුනා.. වරද ඔවුන්ගේ..- නිර්මාල්


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

දෙරණ නාළිකාවෙන් පසුගිය 12 වෙනිදා කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉදිරි කාලගුණය පිළිබඳ බරපතළ අනතුරු ඇඟවීමක් සිදුකළේ නම් දෙරණ ආයතනය සහ එහි අයිතිකරු දිලිත් ජයවීර එය බරපතළ ප්‍රවෘත්තියක් ලෙස සලකා කටයුතු කළ යුතුව තිබුණු බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.


එම ප්‍රවෘත්තිය වර්තමාන ආණ්ඩුව බරපතළ ලෙස සලකා කටයුතු නොකළේ නම් එම මාධ්‍ය ආයතනයට අදාළ ප්‍රවෘත්තිය විටින් විට විකාශය කරමින් ජනතාව දැනුම්වත් කිරීමේ වගකීමක් තිබූ බවද මහාචාර්යවරයා පෙන්වා දෙයි.


කෙසේ වුව ද දෙරණ ආයතනය පවා අදාළ ප්‍රවෘත්තිය නැවත ඉස්මතු කළේ අදාළ ආපදාව සිදුවීමෙන් අනතුරුව බවට නිර්මාල් ඔහු චෝදනා කරයි.


මාධ්‍ය හමුවක් අමතමින් මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා මේ බව පැවසුවේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads