සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා නිසා ගං වතුර ආපදාවට තත්ත්යට මුහුණ දීමට සූදානමින් සිටි අනුරාධපුර ජනතාවට බලවත් අසාධාරණයක් සිදුවූයේ යයි මිහින්තලා රාජමහා විහාරාධිපති වළවහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.
එහෙත් හෙලිකොප්ටරයකින් මඩකලපුවට ගොස් මල්වතු ඔයේ ජලය මඩකලපුවට දරාගත නොහැකි බව ඇමති සුනිල් හඳුන්නෙත්ති මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළ බවත් උන් වහන්සේ පෙන්වා දෙති.
එතෙක් ගං වතුරට මුහුණ දීමට සූදානමින් සිටි ජනතාව අලුත් ආණ්ඩුව මල්වතු ඔය මඩකලපුවට හරවා ඇතැයි ද අනුරාධපුරය යට නොවනු ඇතැයි ද සිතුව ද නගරය සම්පූර්ණයෙන්ම යට වූ බව ද ධම්මරතන හිමි ප්‍රකාශ කරති.
මේ ආපදා අවස්ථාවේ අසත්‍ය පුවත් ප්‍රචාරය කරන අය හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගන්නා බව ඇමති සුනිල් වටගල සඳහන් කළ බවත් ඒ අනුව ඇමති හඳුන්නෙත්ති වහාම අත්අඩංගුවට ගතයුතු බවත් වළවහැංගුණවැවේ ධම්මරතන හිමි අවධාරණය කරති.


