සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුවට පලපුරුද්දක් නැතැයි අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියෝ කියා සිටිති.
එනිසා වඩාත් සුදුසු සියලු දෙනා එකතු වී මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම බවද උන්වහන්සේ සඳහන් කළහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් පිරිසක් උන්වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේ මේ බව සඳහන් කළහ.
එහිදී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශවයේ අනු නායක නාරම්පරාවේ ආනන්ද හිමියන් සඳහන් කළේ රටක සභ්‍යත්වය සුරක්ෂිත විය යුත්තේ අධ්‍යාපනය තුළින් බවය.
එයට හානි වන දෙයක් වෙන්නේ නම් එදාත් සේම අදත් විරුද්ධ බවත් පවතින්නේ කවර රජයක්දැයි වැදගත් නොවන බවද උන්වහන්සේ සඳහන් කළහ.


