Type Here to Get Search Results !

හයේ පොතේ සමරිසි ලින්ක් එක පොඩි වරදක්.. ඇමති අස්වෙන්න තරම් දෙයක් නෑ..- විජිත


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

හය වසර ඉංගිරිසි මොඩියුලය පිළිබඳ අර්බුදය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නේ එය යට ගැසීමට නොවන බව අමාත්‍ය විජිත හේරත් පවසයි.


ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ ස්වර්ණවාහිනී රතු ඉර වැඩසටහනට එකතු වෙමිනි.


"අධ්‍යාපන මොඩියුලයක් හදන්න භාර දෙන්නේ නිලධාරීන්ට. නිලධාරීන් තමයි අධ්‍යාපනඥයන්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු, ආචාර්යවරුන්ට තමයි මේක පවරන්නේ. දේශපාලන අධිකාරිය කරන්නේ ඒ සඳහා අවශ්‍ය යාන්ත්‍රණය සකස් කිරීම. ඇමතිවරු මොඩියුල හදන එකයි අත්පොත් හදන එකයි කරන්නේ නෑ."


නිවේදක: ඔබතුමන්ලා විපක්ෂයේ හිටියා නම් කියන්නේ ඇමතිවරයා වහාම ඉල්ලා අස්වෙන්න කියලා. ජපානේ නම් මේ වගේ සිද්ධියක් වුණාම ඇමති ඉල්ලා අස්වෙනවා. අපි එහෙම රටක් හදනවා කිව්වා.


"හිතාමතා ඇමතිවරයාගෙන් වැරැද්දක් වුණා නම් ඒක කරන්න ඕන. එහෙම දෙයක් මෙතන නෑ. අමාත්‍යංශයක යම්කිසි පොඩි වැරැද්දක් වුණාම ඇමතිවරු අයින් වෙනවාද? වැරැද්දක් වුණාම ආණ්ඩුවම වගකිව යුතුයි. වගකීම තමයි වැරැද්ද නිවැරදි කිරීම. ඒ නිසා තමයි, ඒක සීල් කරලා. මොඩියුලයේ පරිච්ඡේදය ඉවත් කරලා බෙදලා දෙන්නේ."

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads