Type Here to Get Search Results !

අගමැති ධුරයේ වෙනසක්ද..? ටිල්වින්ගෙන් ප්‍රකාශයක්..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ජාතික ජන බලවේගය ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත් සිදු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.


අගමැති හා අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය එකී ධුරයෙන් ඉවත් කිරීමේ හෝ අස්වීමේ සූදානමක් ඇතැයි පැතිරෙන ප්‍රචාරයන්හි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව කළ විමසීමේදී ඔහු ඒ බව කීවේය.

අගමැති ධුරයේ හෝ අධ්‍යාපන ඇමැති ධුරයේ වෙනසක් කිරීමට කිසිදු පදනමක් නැති බවත් ඇය එකී ධුරයන් හි කටයුතු කිරීමේදී කිසිදු වරදක් සිදු කර නොමැති බවත් සිල්වා මහතා පැවැසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කෙරෙන බවත් එකී පරීක්ෂණ අනුව වරද සිදුව ඇත්තේ කොහේද යන්න අනාවරණය වනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

අගමැතිනිය ඉවත් කරනු ඇතැයි කියමින් විපක්ෂය දකින්නේ දවල් හීන බවද ඔහු පැවැසීය.

අගමැති හරිනි අමරසූරිය මෙනවිය ඉලක්ක කර පහර දෙන්නේ ඇය විපක්ෂයට අභියෝගයක් නිසා යැයි ද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

- දිවයින

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads