Type Here to Get Search Results !

අපි විපක්‍ෂයේදීවත්, ආණ්ඩුවේදීවත් කිසිම බොරුවක් කියා නෑ...


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

තමන් හෝ තම පක්ෂය විපක්ෂයේ සිටියදී කිසිදු අවස්ථාවක අසත්‍ය ප්‍රකාශ සිදු කර නොමැති බවත්, හැකි නම් එවැනි එකදු අසත්‍ය ප්‍රකාශයක් හෝ පෙන්වා දෙන ලෙසත් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අභියෝග කරයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

විපක්ෂය විසින් පතුරුවන ලද අසත්‍ය ප්‍රචාර හේතුවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රමුඛ පෙළේ අභියෝගයකට ලක්ව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

විපක්ෂයේ අසත්‍ය ප්‍රචාර හේතුවෙන් ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රමාද කිරීමට සිදු වූ බව ඔහු පැවසීය.

මෙම ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රට තුළ බුද්ධිමය සංවාදයක් ඇති නොවීම අවාසනාවන්ත තත්ත්වයක් බවද හෙතෙම සඳහන් කළේය.

කථානායක අශෝක රන්වල මහතාගේ උපාධිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එම චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බවයි.

රන්වල මහතා සිය උපාධිය සම්බන්ධයෙන් අවශ්‍ය පැහැදිලි කිරීම් දැනටමත් සිදු කර ඇති බවත්, අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads