Type Here to Get Search Results !

මාලිමා නගරාධිපතිගේ කැබ්රථය හැපී කාන්තාවක් රෝහලේ...


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

රන්න, වාඩිගල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
තංගල්ල නගර සභාවේ සභාපති පී. පී. ජී. නන්දසිරි මහතා ගමන් ගත් කැබ් රථය සහ යතුරුපැදියක් ගැටීමෙන් මෙම සිදුවීම සිදුව ඇත.

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවිධානය කර තිබූ ඩෙංගු මර්දන වැඩසටහනකට සහභාගී වීම සඳහා සභාපතිවරයා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

කැබ් රථය ඉදිරියෙන් කුඩා යතුරුපැදියක් එකවරම මාර්ගය හරහා ධාවනය කිරීම ගැටීමට හේතුවී ඇත.

එම අවස්ථාවේදී රථය පදවා ඇත්තේ සභාපතිවරයාගේ පෞද්ගලික රියදුරු විසිනි.

අනතුරෙන් තුවාල ලැබුවේ රන්න, අලුපැලැනේ පදිංචි එස්. එච්. නන්දාවතී නමැති කාන්තාවකි. ඇය මේ වන විට තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඇයගේ දකුණු කකුල බිඳී ගොස් ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

හුංගම පොලිසියේ රථවාහන අංශය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads