සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
ආන්දෝලනයට ලක්ව ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ එන 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය සබැඳියක් යොමු කළ අයට දඬුවම් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේදී ඇය මෙම අදහස් පළ කළේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමිනි.
‘‘එක මොඩියුලයක් ගැන ප්‍රශ්නයක් මතු වුණා. ඒ ගැන දැනගත් වහාම විමර්ශනයක් ආරම්භ කළා. ඒ අනුව ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නේ. සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ගේ විනය පිළිබඳ බලය තියෙන්නේ ජාතික අධ්‍යාපන ආයතනයට. ඒ ආයතනයේ ආයතන සභාව සමග සාකච්ඡා කරමින් තමයි අපි තීරණ ගන්නෙ. හංගන්න කිසි දෙයක් නැහැ. අපිටත් අවශ්‍ය වැරැද්ද නිවැරදි කර ගන්න.
ඒ වගේම කොහොමද වුණේ කියලා දැන ගන්නයි අපිටත් අවශ්‍ය. දඬුවම් ලැබිය යුතු අයට දඬුවම් දෙමින් අපි ඉදිරියට යනවා. කාට වුණත් දඬුවම් කිරීමට පැකිළෙන්නේ නැහැ. මට කියන්න තියෙන්නේ ප්‍රතිසංස්කරණ ගැන අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැහැ. හය ශ්‍රේණියේ දරුවන්ට මොඩියුලය ලබා දිය යුතු වන්නේ 21 වැනිදා වන විටයි. ඒ අනුව කටයුතු සිදු වෙනවා’’


