Type Here to Get Search Results !

හයේ මොඩියුලයට අසභ්‍ය ලින්ක් දැමුවේ කවුදැයි වාර්තාව ආවා.. හෙලි කරන්නෑ..- විජිත


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

හයවන ශ්‍රේණිය ඉංග්‍රීසි විෂයයට අදාළ ඉගෙනුම් මොඩියුලයකට නුසුදුසු වෙබ් අඩවි සබැඳියක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පවත්වන ලද අභ්‍යන්තර පරීක්ෂණ වාර්තාව මේ වන විට ලැබී ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (04) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


අදාළ වාර්තාව අමාත්‍යාංශයේ අභ්‍යන්තර පරිපාලන කටයුත්තක් බැවින් එහි අන්තර්ගතය ප්‍රසිද්ධ කළ නොහැකි බවත්, ඉන් අනතුරුව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පවත්වනු ලබන්නේ මෙය සිදුකළ පුද්ගලයා අනාවරණය කර ගැනීමට නොව, එවැනි ක්‍රියාවක් සිදුකිරීමේ මූලික අරමුණ සහ ඒ පිටුපස ඇති චේතනාවපිළිබඳව කරුණු හෙළි කර ගැනීමට බවද හෙතෙම අවධාරණය කළේය.


මෙම පරීක්ෂණ කටයුතු වඩාත් විනිවිදභාවයකින් සහ ස්වාධීනව පවත්වාගෙන යාමට පහසු වනු පිණිස ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සිය ධුරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වී ඇති බවද අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads