සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරද්දී යම් අඩුපාඩු සිදුවිය හැකි බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මුලින්ම පැවසුවේ යැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසේකර මහත්මිය සඳහන් කරයි.
රජය විසින් ගන්නා ප්‍රගතිශීලී ක්‍රියාමාර්ගයන් ආපසු හැරවීමට කිසිසේත්ම සූදානම් නැති බවද ඇය සඳහන් කරන්නීය.
අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපන මොඩියුල සම්බන්ධයෙන් විශේෂඥවරියක් නොවන බවත් ඒ සම්බන්ධයෙන් වගකීම රජය විසින් විශේෂ කණ්ඩායමකට පවරා ඇති බවත් ඇය පෙන්වා දෙයි.
අග්‍රාමාත්‍යවරිය මෙම ක්‍රියාවලියට නායකත්වය පමණක් ලබාදෙන බවත් අදාළ කටයුතු නිරතුරුව නිලධාරීන් තමන්ගේ රාජකාරීන් සම්බන්ධයෙන් වගකීම දැරිය යුතු බවත් මන්ත්‍රීවරිය කියා සිටී.
මෙහිදී යම් කුමන්ත්‍රණයක් සිදුව ඇතිනම් ඒ පිළිබඳව ඉදිරියේදී රටට හෙළිදරව් කරන බවවත් ඇය තවදුරටත් කියා සිටියාය.
වැඩසටහනක සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ගුණසේකර මහත්මිය මෙම අදහස් පල කළාය.


