Type Here to Get Search Results !

දිනපතා පාවහන් ගැටීම නිසා සීගිරියේ පඩි පෙල් ගෙවිලා – ඇමති සෙනවි


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

සීගිරිය ඓතිහාසික පඩිපෙළ දරුණු ලෙස ගෙවීමකට ලක්ව ඇති බව බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මහතා සඳහන් කරයි.


දිනපතා පාවහන් ගැටීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව ඒ මහතා කියා සිටියේය.


ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා පනත සංශෝධනය කිරීම සඳහා වැඩකටයුතු ආරම්භ කර ඇති බවද සෙනවි මහතා කීය.


දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ හානියට පත්වෙමින් තිබෙන ගල්ගුහාවේ පිහිටි විහාර මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සොයා බැලීමට සහභාගි වීමෙන් අනතුරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලා ලංකාර නාහිමියන් සහ සංඝරත්නය සමඟ පැවැති සාකච්ඡාවකදී සුනිල් සෙනෙවි මහතා ඒ බව සදහන් කළේය.


මෙම අවස්ථාවට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, නිවාස සංවර්ධන ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත්,පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි, දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ගයාන් චතුරංග පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,හා රාජ්‍ය ආයතන ප්‍රධානින් රැසක් එක්ව සිටියහ.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads