සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
කථානායකවරයාගේ නිල කාර්යාලය භාවිතා කළ යුත්තේ රජයේ නිල කටයුතු සඳහා පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (03) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා චෝදනා කර සිටියේ එම කාර්යාලයේ තොත්තු දීම, කෑම කවා ගැනීම වැරදි බවයි.
එවැනි කටයුතු සඳහා වෙනත් ස්ථාන භාවිතා කළ යුතු බවත්, නිල කාර්යාලයේ ගෞරවය ආරක්ෂා විය යුතු බවත් ඔහු පැවසීය.
විවිධ අවස්ථාවලදී විවිධ අවශ්‍යතා මත නිලධාරීන් කථානායක නිල කාමරයට ඇතුළු වන බවත්, එලෙස ඇතුළු වූ නිලධාරියෙකු යවා ඇති බවටත් මන්ත්‍රීවරයා අනාවරණය කළේය.


