Type Here to Get Search Results !

චමින්ද කුලරත්නගේ වැඩ තහනම මැතිසබය උණුසුම් කරයි


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

වැඩ තහනමට ලක්ව සිටින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු අදහස් දක්වමින් එල්ල කළ වාග් ප්‍රහාර හේතුවෙන් අද (3) පෙරවරුවේ පාර්ලිමේන්තු සභාගර්භය උණුසුම්කාරී තත්ත්වයක් ඇති වී තිබිණි.

කතානායකවරයා සහ පාර්ලිමේන්තුවේ ලේකම් මණ්ඩලය අතර ගැටලුවක් ඇතිවීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර නොවන බැවින් එම තත්ත්වය වහා නවතා දැමීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මේ වන විට පාර්ලිමේන්තුවේ මහලේකම්වරියටත් යම්කිසි ගැටළුවක් මතු කිරීමට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටිනවා ද යන්න පිළිබඳව ප්‍රශ්න මතුව ඇති බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

පාර්ලිමේන්තුවේ මීට පෙර සිටි කතානායකවරුන් පාර්ලිමේන්තුවේ ලේකම් මණ්ඩලය සමඟ ඉතාම සුහදව සහයෝගයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාකර ඇති බව රංජිත් මද්දුම බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය නලින් ද ජයතිස්ස මහතා කියා සිටියේ කාර්ය මණ්ඩල උපදේශන කමිටුවක් මගින් මෙහි පරීක්ෂණ සිදු කර ඒ අනුව ක්‍රියා කර ඇති බවයි.

නියෝජ්‍ය මහලේකම්වරයාගේ පත්කිරීම නිසි ක්‍රමවේදයට කර තිබෙනවාද යන්න පිළිබඳව එම පරීක්‍ෂණය මගින් සිදු කර ඇති බවත් එම වාර්තාව නිකුත් කර ඇත්තේ ඉන් අනතුරුව බවත් නලින්ද ජයතිස්ස මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය මහ ලේකම්වරයාගේ වැඩ තහනම් කිරීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, දයාසිරි ජයසේකර ,නලින් බණ්ඩාර ,අජිත් පී පෙරේරා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු අතර වාග් ප්‍රහාර එල්ලවීම හේතුවෙන් මැති සබය තරමක් උණුසුම් ස්වභාවයක් ගෙන තිබිණි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads