Type Here to Get Search Results !

අසැබි වීඩියෝ පත්තු වෙයි.. නාලන්දා විදුහල්තිට, ශිෂ්‍ය නායකට එරෙහිව ගුරුවරියන් පොලිසි යයි...


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

කොළඹ නාලන්දා විදුහලේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයකුගේ අයහපත් චර්යාවන් හමුවේ බලධාරීන් නිහඬව සිටින බවට චෝදනා කරමින් එම විද්‍යාලයේම ආචාර්ය මණ්ඩලයේ පිරිසක් නීතියේ සහාය පතා තිබේ.


අදාළ සිසුවාගෙන් එල්ල වූ බලපෑම් සම්බන්ධයෙන් විදුහල්පතිවරයා ඇතුළු පාලනාධිකාරිය දැනුවත් කළද, ඔවුන් ඒ පිළිබඳව නිසි ක්‍රියාමාර්ගයක් නොගත් බව පවසමින් මෙම ගුරුවරියන් පිරිස බොරැල්ල පොලිස් ස්ථානයට සිය පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.


ගුරුවරියන්ට අපහසුතාවයක් වන අයුරින් අදාළ ශිෂ්‍යයා දිගින් දිගටම කටයුතු කර ඇති බව කියැවේ.


මේ පිළිබඳව විදුහල්පතිවරයාට, ප්‍රාථමික අංශ ප්‍රධානියාට සහ ශිෂ්‍ය නායක භාර ආචාර්යවරයාට අවස්ථා කිහිපයකදීම කරුණු ඉදිරිපත් කර තිබුණද, ඔවුන්ගෙන් සාධාරණයක් ඉටු නොවූ බවට ගුරුවරියෝ චෝදනා කරති.
පෙර පැමිණිලි නොසලකා හරිමින් බලධාරීන් කටයුතු කිරීමට හේතුව විමර්ශනය කරන ලෙස පැමිණිලිකාර පාර්ශවය පොලිසියෙන් ඉල්ලා සිටී.


පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන පරිදි, මෙම පැමිණිල්ල ඉදිරි කටයුතු සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.


“මීට කලින් විදුහල්පති දැනුවත් කළත් ඒ ගැන ක්‍රියාමාර්ග ගත්තේ නෑ කියලා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න කියලා ගුරුවරියන් පැමිණිල්ලක් දාලා තියෙනවා. මේ වගේ සිද්ධි කලිනුත් වුණා කියලා දාලා තියෙන්නේ. මේ සිද්ධිය ගැන විමර්ශනයක් කරන්න කියලා තමා පැමිණිල්ල දාලා තියෙන්නේ. ඒක අධ්‍යාපන දෙපාර්තමේන්තුවට පොලිසියෙන් යොමු කරලා තියෙනවා. තව හාමුදුරු නමක් පැමිණිල්ලක් දාලා තියෙනවා. මේ වගේ වීඩියෝ අන්තර්ජාලයට දාලා සල්ලි උපයලද කියලා විමර්ශනයක් කරන්න කියලා. ඒ වගේම ගුරුවරියෝ මේ වගේ දේවල්වලට මේ ළමයාව පොලඹවා ගෙනද කියලා විමර්ශනයක් කරන්න කියලා පැමිණිල්ල දාලා තියෙන්නේ. බොරැල්ල පොලිසියට පැමිණිල්ල කළේ. ඒ සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශයට යොමු කරලා තියෙනවා.”


මීට අමතරව, මෙම සිදුවීමම පාදක කරගනිමින් භික්ෂූන් වහන්සේ නමක් විසින්ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, එය මේ වන විට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ විමර්ශනයට ලක්වෙමින් පවතී.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads