Type Here to Get Search Results !

ජනපති සියළු සැප අතහරිමින්.. ගිලන් රථයත් ජනතාවට දෙයි.. මීට පෙර ජ’පුර කාමරේත් දුන්නා..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය (PSD) වෙත අනුයුක්ත කර තිබූ, එහෙත් සක්‍රීය රාජකාරී සඳහා යොදා නොගත් ගිලන් රථයක් මෙරට සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතාව වෙනුවෙන් මුලතිව් දිස්ත්‍රික් මහ රෝහල වෙත ලබාදීමට ජනාධිපති ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.

මෙම ගිලන් රථය නිල වශයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු විය.


සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් එම ගිලන් රථය මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ප්‍රේමදාස මහතා වෙත පිරිනමන ලදී.


රෝගී ප්‍රවාහන කටයුතු සහ හදිසි ප්‍රතිකාර සේවාවන් වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා මෙම පියවර ගෙන ඇත.


ජනාධිපතිවරයාගේ ආරක්ෂක කටයුතු සඳහා වෙන් කර තිබූ සම්පත්, ඒවායේ ප්‍රයෝජනය උපරිම වන පරිදි මෙලෙස මහජන සේවාවන් සඳහා යොමු කිරීම විශේෂත්වයකි.


මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැපයුම්) එච්.එම්.එන්. දිනිප්‍රිය හේරත් සහ අධ්‍යක්ෂ (ප්‍රවාහන) මුදිත විමලසේන යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.


ජයවර්ධනපුර රෝහලේ ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කර තිබූ කාමරයද ජනසතු කිරීමට මීට පෙර කටයුතු කරන ලදී.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads