Type Here to Get Search Results !

මාර්තුවේ ඇරඹි අත්නගල්ල, අලවල සංචාරක කදවුර වල්වදී.. ආණ්ඩුවේ ටුවරිසම් තමයි මේ..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

විදේශීය සංචාරකයින් ආකර්ෂණය කරගනිමින් මෙරටට විදේශ විනිමය ගෙන ඒමේ අරමුණින් පසුගිය මාර්තු මාසයේ අගභාගයේදී අත්තනගල්ල, අලවල ප්‍රදේශයේ ආරම්භ කරන ලද එළිමහන් කඳවුරු ව්‍යාපෘතිය (Camping Site) මේ වන විට කිසිදු නඩත්තුවකින් තොරව වල් වැදී විනාශ වෙමින් පවතින බවට සමාජ ජාලවල චෝදනා ඒල්ල වේ.

රක්ෂිත වනාන්තරයකට සහ අත්තනගලු ඔයට මායිම්ව පිහිටි මෙම භූමිය පරිසර හිතකාමී සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කරන බවට එවක සැලසුම විය.


එකවර පුද්ගලයන් 16 දෙනෙකුට නවාතැන් ගත හැකි පරිදි ඉදිකළ මෙම කඳවුරු භූමිය, ප්ලාස්ටික් සහ පොලිතින්වලින් තොර කලාපයක් ලෙස පවත්වාගෙන යන බවත්, යාබදව පිහිටි කුමාරි ඇල්ල ආශ්‍රිතව ස්වාභාවික නාන තටාකයක් ද සකස් කර ඇති බවත් ව්‍යාපෘතිය ආරම්භයේදී ප්‍රකාශ විය.


කෙසේ වෙතත්, අද වන විට එම ස්ථානයෙන් ලැබෙන ඡායාරූපවලින් පෙන්නුම් කරන්නේ කඳවුරු භූමියම තණකොළ සහ වල් පැලෑටිවලින් වැසී ගොස් ඇති ආකාරයය.


සංචාරකයින් සඳහා සකස් කළ තාවකාලික වැසිකිළි පද්ධති සහ අනෙකුත් පහසුකම් ද මේ වන විට අබලන් වෙමින් ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads