Type Here to Get Search Results !

පාලන මිලට අඩුවෙන් වී ගත්තොත් නීතියෙන් දඬුවම් දෙනවා.. මේක ජනතාවාදී ආණ්ඩුවක්...


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘වාරි මහිම අපේ උරුමය’ ජාතික වැඩසටහන යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ තන්නීරිට්ටු ග්‍රාමයේ පිහිටා ඇති නීරාව් ඌට්ටුකුලම් වැව සංවර්ධනය කිරීමේ කටයුතු ඇරඹිණි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උළෙලට, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා, මුලතිව් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලකනාදන් මහතා, මුලතිව් දිස්ත්‍රික් ලේකම් උමා මහේෂ්වරන් මහතා, වාරි මහිම අපේ උරුමය ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂ ඉංජිනේරු චන්දන එදිරිසූරිය මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයන් රැසක් සහභාගී විය.


තන්නීරිට්ටු ප්‍රදේශයේ කුඹුරු අක්කර හාරසීයකට (400) ආසන්න ප්‍රමාණයක් අහස් දියෙන් වගා කෙරෙන අතර මෙම වැව ඉදිකිරීමෙන් අනතුරුව මෙම කුඹුරු අක්කර 400,කුඹුරු අක්කර 600කට වැඩි ප්‍රමාණයක් දක්වා වර්ධනය කර ගැනීමට හැකියාව ලැබේ. එසේම වැව නිර්මාණය කිරීම මඟින් ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල ගැටළුවට ද පිළියම් ලැබීම සතුටට කාරණවකි.


මෙම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා අදහස් පළ ක‍ළේය.


“අපේ අමාත්‍යාංශයට අදාළ විශාල ආයතන ප්‍රමාණයක් තියෙනවා. අපේ ආයතනවලට නිලධාරීන් අඩුයි. විශේෂයෙන් පශු සම්පත් සම්පත් ක්ෂේත්‍රය ගත්තොත් පශු වෛද්‍යවරු මදි. ඒ වගේම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් හිඟයි. ඒ නිසා අපි බඳවා ගැනීම් සිදු කරමින් යනවා. මේ ප්‍රදේශයට තිබෙන වී අලෙවි මණ්ඩලයේ ගබඩා ප්‍රමාණය මදි. ඒ ගබඩා පහසුකම් ඇති කරලා වී මිලදී ගැනීමේ වැඩසටහනක අපි ඉන්නවා.


අපි මීට කලින් මේ පැත්තට ආවාම අපේ ගොවිමහත්වරු සහ පොදු ජනතාව අපිට කිව්වා, තමන්ට ඉඩම් ප්‍රශ්නයක් තියෙනවා, මේ වනජීවී එකෙන් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිසා තමන්ගේ ඉඩම් ඒ ආයතනවලට අත්පත් කරගෙන තියෙනවා. ඒක පුළුවන් තරම් ඉක්මනින් බේරලා දෙන්න කියලා අපෙන් ඉල්ලීමක් කළා. ඒ සම්බන්ධයෙන් අපි වහාම අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරලා අමාත්‍ය මණ්ඩලය මඟින් කමිටුවක් පත්කළා. ඒ කමිටුව දැන් ඉඩම් ගැටළු නිරාකරණය කරන්න මැදිහත් වෙලා ඉන්නවා.


ජනාධිපතිතුමා පසුගිය අයවැයෙන් මුදල් වෙන්කළා අලුත් ව්‍යාපෘතියකට. ඒකෙන් තමයි අපි අද මුලතිව් දිස්ත්‍රික්කයේ මේ වැඩසටහන ආරම්භ කළේ. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ විවිධ ව්‍යාපෘති මඟින් වැව් ප්‍රතිසංස්කරණය කිරීම් සිදු වෙනවා. ඒවාට අමතරව තමයි මේ වැඩසටහන ආරම්භ කළේ.


මේ ව්‍යාපෘතිය උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන්න අපිට විශේෂ හේතුවක් තිබුණා. මහවැලි අධිකාරියෙන් කිවුල් ඔය ව්‍යාපෘතිය මේ දිස්ත්‍රික්කය පෙනිපෙනී ආරම්භ කරනකොට එහි ප්‍රතිඵල මෙහෙට නැහැ. අපිට අවශ්‍ය වුණා මේ දිස්ත්‍රික්කයට ප්‍රතිඵල ලැබෙන ව්‍යාපෘති කිහිපයක් පටන්ගන්න. එයින් එකක් මේක. අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ වැව්, ඇළවේලී, ගංඟා ප්‍රතිසංස්කරණය කරලා රටේ ආර්ථිකය ගොඩනඟන්න.


තවමත් ගොවිජනතාවට ප්‍රශ්න ගොඩක් තියෙනවා. වහලා දාලා තිබුණු වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්න පුළුවන් විදිහට අපි සකස් කළා. නමුත් ඒක ප්‍රමාණවත් නැහැ. තවත් ව්‍යාප්ත කළ යුතුයි. අපි වී අලෙවි මණ්ඩලය විවෘත කරන්නේ අස්වනු නෙලන කාලයට පමණයි. අපි මෙවර නාඩු සඳහා රුපියල් 120ක මිලක් ලබාදෙනවා. සම්බා 130යි. කීරී සම්බා 140යි. මේ මිලට වඩා අඩුවෙන් පෞද්ගලික අංශය වී මිලදී ගන්න එපා. ඒක වැරැද්දක්. ගොවිජනතාවට කරන අපරාධයක්. රජය ප්‍රකාශයට පත්කරලා තියෙන මිලට අඩුවෙන් මිලදී ගත්තොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදන සකස් කරන්න. අපි අවශ්‍ය වුණොත් ගොවියට වාසි වෙන විදිහට පනත් වෙනස් කරන්න සූදානමක් තියෙනවා.


අපේ වී නිෂ්පාදනය වැඩි නිසා ඒවා වෙනත් නිෂ්පාදන සඳහා යොදා ගැනීම කෙරෙහි අපි අවධානය යොමු කරලා තියෙනවා. හාල් තව විවිධ දේ නිෂ්පාදනය සඳහා යොදා ගත හැකියි. වෙනත් නිෂ්පාදන සඳහා හාල් යොදා ගැනීමට තියෙන බාධා ඉදිරියේදී සම්පූර්ණයෙන් ඉවත් කරනවා. එතකොට වී වෙළඳපොළ තරඟකාරීත්වයකට ගේන්න පුළුවන්. ඒ තුළින් ගොවිජනතාවට හොඳ ප්‍රතිඵල ලබාදෙන සැලැස්මක් ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා.


අපි මේ වෙනකොට බඩඉරිඟු ආනයනය නවත්වලා තියෙනවා. අපේ රටේ බඩඉරිඟු නිෂ්පාදනය සාමාන්‍යයෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ 7ක් විතර. අපි ඒකෙන් දෙකෙන් පංගුවයි රටේ නිෂ්පාදනය කරන්නේ. බඩඉරිඟුවලින් නිෂ්පාදනය කරන දේවල් සඳහා සහල් පාවිච්චි කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එවැනි වැඩසටහන් හරහා වී ගොවියාටත්, පාරිභෝජනය කරන අයටත් වාසියක් වෙන විදිහට සහ සහල් වෙනත් නිෂ්පාදනවලට පාවිච්චි කරන්න පුළුල් වැඩසටහනක් සැලසුම් කරලා අවසානයි. දැන් ඒ කටයුතු ආරම්භ කරලා තියෙනවා. මේ සඳහා ජනතා සහයෝගය අවශ්‍යයි. ඒ වගේම රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගයත් උවමනායි. මේක ජනතාවාදී ආණ්ඩුවක්.”

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads