Type Here to Get Search Results !

ඇමති කියපු නම වෙනස් කල කතා පච.. මං අර්ජුන් මහේන්ද්‍රන්මයි..- අර්ජුන් මහේන්ද්‍රන් ලිඛිතව දන්නයි..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

තමන් නම වෙනස් කර ඇති බවට රජයේ අමාත්‍යවරයෙකු විසින් කරන ලද ප්‍රකාශය ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ප්‍රතික්ෂේප කරයි.

මහේන්ද්‍රන් මහතා පෙන්වා දෙන්නේ තමන් නම වෙනස් කර ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

රජයේ අමාත්‍යවරයෙකු විසින් ප්‍රසිද්ධියේ කරන ලද මෙම ප්‍රකාශය නිවැරදි කරන ලෙසද ඔහු ලිපියක් යොමු කරමින් ඔහු ඉල්ලා තිබේ.

ඔහු මෙම ලිපිය සඳහා අත්සන් තබා ඇත්තේ "ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන්" යන නමින් වන අතර එහි සිංගප්පූරු ලිපිනයක්ද සඳහන් කර ඇත.

මීට පෙර මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර තිබුණේ, මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මෙරටට අවශ්‍ය කර සිටින හිටපු අධිපතිවරයා සිය නම "හර්ජන් ඇලෙක්සැන්ඩර්" ලෙස වෙනස් කර ඇති බවට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇති බවයි.

සිංගප්පූරුවේ සිටින ඔහු මෙරටට ගෙන්වා ගැනීමට පවතින නීතිමය බාධා මගහරවා ගැනීම සඳහා රජය විකල්ප මාර්ග සොයමින් සිටින බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන නීතිමය ක්‍රියාමාර්ග සඳහා ශ්‍රී ලංකා බලධාරීන් විසින් අර්ජුන මහේන්ද්‍රන් මහතා සොයමින් සිටින අතර, ඔහුගේ මෙම ප්‍රකාශයත් සමඟ ඔහුගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් පරස්පර විරෝධී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads