සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
වත්මන් රජය යටතේ ප්‍රධාන පෙළේ වංචා සහ දූෂණ නතර කර ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, රාජ්‍ය තන්ත්‍රය සහ නිලධාරීන් අතර තවමත් සිදුවන බවට වාර්තා වන සුළු දූෂණ වැළැක්වීම සඳහා නව තාක්ෂණය සහ ඩිජිටල්කරණ ක්‍රියාවලිය හඳුන්වා දෙන බවයි.
🔴 හිටපු මැති ඇමතිවරුන් භාවිත කළ නිවාස කිහිපයක් තානාපති කාර්යාල සහ සංචාරක ව්‍යාපෘති සඳහා ලබාදීමට පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.
🔴 හිටපු පාලකයින්ට එරෙහි නඩු කඩිනම් කිරීම සඳහා මහාධිකරණ තුනක් ස්ථාපිත කර ඇති බවත්,
🔴 අයථා ලෙස උපයාගත් දේපළ රජයට පවරා ගැනීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
මේ අතර, විපක්ෂය ගම් මට්ටමින් ගොස් රජයට එරෙහිව අසත්‍ය ප්‍රචාර සිදු කරන බවට චෝදනා කළ අමාත්‍යවරයා, රජයක් ලෙස සත්‍ය තොරතුරු ජනතාවට පැහැදිලි කිරීම තම වගකීමක් බවද ප්‍රකාශ කළේය.


