සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ විදුලි නිෂ්පාදනය තාවකාලිකව අඩු කර ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
ඒ, බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු සංචිත සීමිත වීම හේතුවෙන් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත්, මේ හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍යතාවක් නොමැති බව බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.
💧 පද්ධතියට අවශ්‍ය විදුලිය මේ වන විට ජල විදුලි බලාගාර මගින් ප්‍රමාණවත් පරිදි ලබාදිය හැකි බවද සඳහන් වේ.
🚢 මේ අතර, ගල් අඟුරු නෞකා දෙකක් ඉදිරි දින කිහිපයේදී දිවයිනට පැමිණීමට නියමිතයි.
📌 පළමු නෞකාව හෙට (04) දිනයේත්,
📌 දෙවන නෞකාව ලබන 12 වැනිදාත් පැමිණීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය.
නෞකාවලින් ගල් අඟුරු ගොඩබෑමෙන් පසු නොරොච්චෝල බලාගාරයේ විදුලි නිෂ්පාදනය යළි සාමාන්‍ය තත්ත්වයට පත් කරන බවද ඔහු සඳහන් කළේය.


