Type Here to Get Search Results !

“නාමල් අද අත්අඩංගුවට ගන්නවා.. රතිඤ්ඤා දාන්න, බැනර් ගහන්න…” - රට පුරා පණිවුඩ යවයි..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන සිරගත කළද, ලබන 12 වැනිදා අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැවැන්ත ජන රැළිය කිසිදු බාධාවකින් තොරව පවත්වන බව එම පක්ෂයේ ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද (04) නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු සඳහන් කළේ, නාමල් අත්අඩංගුවට ගතහොත් අනුරාධපුර රැළියට ගෙන එන ජනතාව දෙගුණ කරන බවයි.

එමෙන්ම, නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත් පසු ගම් මට්ටමින් රතිඤ්ඤා පත්තු කර, බැනර් සහ කටවුට් ප්‍රදර්ශනය කරමින් සැමරීමට සූදානම් වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ සිය පාක්ෂිකයන්ට WhatsApp පණිවුඩ මගින් උපදෙස් දී ඇති බවට තොරතුරු ලැබී ඇති බවද මිලින්ද රාජපක්ෂ මහතා චෝදනා කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ආණ්ඩුවට එරෙහිව හඬ නගන අවස්ථාවලදී සහ පක්ෂය ශක්තිමත් වන විට මෙවැනි මර්දන ක්‍රියාමාර්ග සිදුවීම සාමාන්‍ය දෙයක් බවත්, එවැනි ක්‍රියාමාර්ගවලින් තම දේශපාලන ගමන නතර කළ නොහැකි බවත්ය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads