සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ශ්රී ලංකාව ලොව වේගයෙන්ම දියුණු වන රටවල් හතර අතරට ගෙන ඒමට වත්මන් රජය සමත්ව ඇති බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
නිකවැරටිය ප්රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ ජන රැලියක් අමතමින් ඔහු සඳහන් කළේ, මීට පෙර දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී ජාත්යන්තරය හමුවේ අපහසුතාවට පත්ව සිටි ශ්රී ලංකාව යළි ගොඩනැගීමට වත්මන් රජය කටයුතු කර ඇති බවයි.
රටේ සංවර්ධන කටයුතු සඳහා අවශ්ය මූල්ය ප්රතිපාදනවල හිඟයක් නොමැති බවද නියෝජ්ය අමාත්යවරයා එහිදී ප්රකාශ කළා.
කෙසේ වෙතත්, කෘෂිකර්මාන්තය ඇතුළු ක්ෂේත්ර ගණනාවක කටයුතු ඉදිරියට ගෙන යාමේදී නිලධාරීන්ගේ හා මානව සම්පත්වල හිඟකම මෙන්ම තාක්ෂණික ගැටලුද පවතින බව ඔහු පෙන්වා දුන්නා.
රජයට ලැබී ඇත්තේ වසර පහක ජනවරමක් බැවින්, වසර දෙකක් තුළ සියලු සංවර්ධන කටයුතු අවසන් කිරීම අපේක්ෂා කළ නොහැකි බවත්, නියමිත සැලසුමකට අනුව ඉදිරි කටයුතු සිදුකරන බවත් නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.


