Type Here to Get Search Results !

ක්‍රිකට් පරදින්නේ ආණ්ඩුව නිසා නෙවෙයි.. කලින් ආණ්ඩු ක්‍රීඩකයෝ හදලා ගිහින් නෑ! - ක්‍රීඩා ඇමති


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග පරාජය වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර මහතා පවසන්නේ, ජයග්‍රාහී කණ්ඩායමක් ගොඩනැගීම සඳහා ක්‍රීඩකයන් බිම් මට්ටමේ සිට සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය බවයි.

ක්‍රිකට් තරග පරාජය වීම පිළිබඳව මාධ්‍යවේදියෙකු කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ක්‍රීඩකයන් බිහිකිරීමේ වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කර ඇති බැවින් ඒ සඳහා යම් කාලයක් ලබාදිය යුතු බවයි.

“ක්‍රීඩකයෝ නැති වුණාම මැච් පරදිනවා. දැන් අපි ඒ ක්‍රීඩකයෝ හදන වැඩේ බිම් මට්ටමේ සිට පටන් අරගෙන තියෙන්නේ. පොඩි කාලයක් ඉවසගෙන ඉන්න වෙනවා” යනුවෙන් ඔහු ප්‍රකාශ කළා.

පසුගිය දශකයක පමණ කාලය තුළ ක්‍රීඩකයන් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය නිසි ලෙස සිදුවී නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ආණ්ඩුවක් බලයට පත්වූ පමණින් මාසයක් හෝ දෙකක් ඇතුළත දක්ෂ ක්‍රීඩකයන් බිහිකළ නොහැකි බව සඳහන් කළ ඔහු, ක්‍රීඩකයන්ගේ දක්ෂතා වර්ධනය කිරීම සඳහා ක්‍රමානුකූල වැඩපිළිවෙළක් අවශ්‍ය බව අවධාරණය කළා.

එමෙන්ම, ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින් පහළ මට්ටම්වල සිටින ක්‍රීඩකයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කර මෙරට ක්‍රීඩාව නඟාසිටුවීමට කටයුතු කරන බවද ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads