Type Here to Get Search Results !

“ඉතියෝපියාවටත් පහළින් තිබූ රට ගොඩ ගත්තා. දැන් ආර්ථික වර්ධනය 5% ඉක්මවලා” - නාමල් කරුණාරත්න


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

පසුගිය පාලන සමයන්හිදී ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට ඇදවැටී ඉතියෝපියාවටත් වඩා පහළ තත්ත්වයකට පත්ව තිබූ බවත්, වත්මන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග හරහා රට යළි යහපත් ආර්ථික මාවතකට ගෙන ඒමට හැකි වී ඇති බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

ජනහමුවක් අමතමින් ඔහු සඳහන් කළේ, අර්බුදකාරී සමයේදී විදේශ සංචිත දැඩි ලෙස පහළ ගොස්, ආර්ථික වර්ධනය සෘණ අගයකට වැටී, රුපියලේ අගයද දැඩි ලෙස අවප්‍රමාණය වූ බවයි.

එම තත්ත්වයෙන් රට ගොඩගැනීම සඳහා වත්මන් ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වන විට විදේශ විනිමය සංචිත ඉහළ ගොස් ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, සෘණ මට්ටමක පැවති ආර්ථික වර්ධන වේගය සියයට 5 ඉක්මවූ ධන අගයක් දක්වා ගෙන ඒමට හැකි වී ඇති බවත්, රට නැවත මැදි ආදායම් ලබන රටක් ලෙස යථා තත්ත්වයට පත්වෙමින් ඇති බවත්ය.

එමෙන්ම ලෝක සතුටු දර්ශකය සහ ගෝලීය සාම දර්ශකය ඇතුළු දර්ශක කිහිපයක ශ්‍රී ලංකාව පෙරට පැමිණ ඇති බව පෙන්වා දුන් ඔහු, ශ්‍රී ලංකාව තවමත් ඉහළ ආදායම් ලබන රටක් බවට පත්ව නොමැති නමුත්, රට මුහුණ දුන් බරපතළ ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන නිවැරදි දිශාවකට යොමු කර ඇති බව ජනතාව තේරුම්ගත යුතු බවද ප්‍රකාශ කළේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads