සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
මෙරට ජනතාවගේ දෛනික පරිභෝජනය සඳහා විදේශයන්ගෙන් සහල් ආනයනය කිරීමේ අවශ්යතාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.
කුඩාඔය ආශ්රිත වාරි ව්යාපෘතියක් ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයකදී අදහස් දක්වමින් අමාත්යවරයා සඳහන් කළේ, ශ්රී ලංකාව දේශීය සහල් අවශ්යතාව සපුරාගත හැකි ස්වයංපෝෂිත මට්ටමක පසුවන බවයි.
කෙසේ වෙතත්, ජැස්මින්, ස්ටික්කි රයිස් සහ බාස්මතී වැනි විශේෂිත සහල් වර්ග ඇතැම් පාරිභෝගික අවශ්යතා වෙනුවෙන් සුළු ප්රමාණවලින් තවදුරටත් ආනයනය කරන බවද ඔහු පෙන්වා දුන්නා.
වාරිමාර්ග හා කෘෂිකාර්මික ව්යාපෘති හරහා දේශීය සහල් නිෂ්පාදනය තවදුරටත් ශක්තිමත් වී ඇති බවයි අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


