සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
මාලිමාණ්ඩුව යටතේ ජනතාව නිදහසේ හා සැනසිල්ලේ ජීවත් වන බව අධිවේගී මාර්ගවල ආදායම් ඉහළ යාම සහ විනෝදාස්වාද කටයුතු සඳහා ජනතාවගේ සහභාගීත්වය තුළින් පැහැදිලි වන බව නියෝජ්ය අමාත්ය නලින් හේවගේ මහතා පවසනවා.
මාධ්ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, BMICH හි පැවැත්වෙන පොත් ප්රදර්ශනයට විශාල තරුණ පිරිසක් සහභාගී වී පොත් මිලදී ගන්නා ආකාරය දැකගත හැකි වූ බවයි.
එමෙන්ම, දින හතරක් තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් කෝටි 30ක පමණ ආදායමක් ලැබුණු බවත්, සත්ත්වෝද්යානයේ දෛනික ආදායම වාර්තාගත මට්ටමකට ඉහළ ගිය බවත් ඔහු ප්රකාශ කළා.
මෙම තත්ත්වයන් ජනතාව විනෝද චාරිකා යමින්, පොත් කියවමින් සහ නිදහසේ කාලය ගත කරමින් සිටින බවට සාක්ෂි ලෙස තමන් දකින බවයි නියෝජ්ය අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
භෞතික සංවර්ධනයට මෙන්ම ජනතාවගේ අධ්යාත්මික හා සංස්කෘතික සංවර්ධනයටද රජය අවධානය යොමු කරන බව ඔහු පෙන්වා දුන්නා.


